මහානාම මධ්‍ය මහා විද්‍යාලය

මොණරාගල මහනාම ජාතික පාසලේ සිසු දරු දැරියන් සහභාගී වන සිරසfm හි පැවැත්වෙන විශේෂ වැඩසටහන අද පස්වරු 2.00 ට විකාශය කරේ.සියලුම දෙනාම අහන්න.

sliderbackground1.jpeg
sliderbackground2.jpeg
IT Club

IT Club

 

ආරම්භය

මො/මහානාම මධ්‍ය මහා විද්‍යාලයේ IT සමාජය 2021 දී ආරම්භ කළා. මේ වනවිට 200 කට අධික සාමාජිකයින් ක්‍රියාකාරීව සමාජයෙහි සම්බන්ධ වී සිටිනවා. අපේ සමාජයේ අරමුණ වන්නේ තාක්‍ෂණික කුසලතා වර්ධනය කරමින් දැනුම සහ ක්‍රියාකාරකම් තුළින් සිසුන්ට අලුත් අවස්ථා ලබාදීමයි.

 

සමාජයේ කටයුතු සහ වැඩසටහන්

IT සමාජය ඔස්සේ සිසුන්ට තොරතුරු තාක්‍ෂණයේ නවතම ක්ෂේත්‍ර පිළිබඳ දැනුම ලබාදීමේ වැඩසටහන් සහ වැඩමුළු පවත්වාගෙන යනවා. මෙහි ප්‍රධාන ක්‍රියාකාරකම් මෙසේ වේ:

  • වෙබ් සංවර්ධනය: සිසුන්ට HTML, CSS, සහ JavaScript වැනි වෙබ් තාක්‍ෂණයන් හඳුන්වාදීම.
  • කේතන සහ ප්‍රෝග්‍රාමින්ග්: Python, Java වැනි භාෂා සහ කේතන තරග මගින් කුසලතා වර්ධනය කිරීම.
  • Arduino ව්‍යාපෘති: IoT සහ රොබොටික්ස් ආශ්‍රිත ව්‍යාපෘති සම්බන්ධයෙන් අත්දැකීම් ලබාදීම.
  • Hackathons සහ තරග: සාමාජිකයින්ට තරගවල සහභාගීවීමට සහ තම දැනුම වර්ධනය කිරීමට අවස්ථා ලබාදීම.

 

අනාගත සැලසුම්

අපේ IT සමාජය ඉදිරියේදී:

  • අන්තර් පාසල් තරග සහ වෙබිනාර්ස් සංවිධානය කිරීම.
  • ප්‍රායෝගික වැඩමුළු සහ Hackathons ඔස්සේ තව තවත් සිසුන්ට දැනුම හඳුන්වාදීම.
  • IoT සහ AI ව්‍යාපෘති ආරම්භ කිරීම, අනාගත තාක්ෂණයන් පිළිබඳව සිසුන්ට අවබෝධයක් ලබාදීම.

 

අප සමඟ එකතු වන්න!

තොරතුරු තාක්ෂණයට ආදරයක් ඇති ඔබට IT සමාජය අවස්ථා විවෘත කරයි! අපි එක්ව නව දේවල් ඉගෙන ගනිමින්, තාක්ෂණයේ පුරෝගාමීන් වීමට සූදානම්! ????