පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
- අත උරහිසෙ සිට අගල් 7ක් වත් දිග වන සේ තිබිය යුතුය.
- කමිසයේ බොත්තම් කාසි(සිදුරු)ඇති කොටස දෙපස මැසීම නොකල යුතුය
- කලිසමේ ඉදිරිපස බොත්තම් නොයොදා සැකසිය යුතුය.
- ඉදිරිපස සාක්කු හරස් කැපුමෙන් මසා තිබිය යුතුය..
- ඉදිරිපස ,දෙපස ඔපනැලි (ප්ලීට්)02 බැගින් තිබිය යුතුය.
- කලිසමේ වාටිය අගල් 1 1/2 (එක හමාරක්) වන පරිදි දණහිස මතට වැටෙන පරිදි තිබිය යුතුය.
- ඉන පටිය ගංචු රහිත විය යුතුය.
- විනිවිද පෙනෙන බොත්තම් සවි කල යුතුය.
- කමිසයේ ඉදිරිපස සාක්කුවෙ පාසල් නිල ලාංජනය මසා සවි කල යුතුය.
- කණ අසල කොටු හැඩයට කණ මැදට වන සෙ කපා තිබිය යුතුය.
- කොණ්ඩය කොටට කපා තෙල් දමා පැත්තට පීරීම කල යුතුය.
- කලිසමේ පිටුපස එක් සාක්කුවක් පමණක් විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


පිරිමි ළමුන් (10-13)
- අත උරහිසෙ සිට අගල් 7ක් වත් දිග වන සේ තිබිය යුතුය.
- කමිසයේ බොත්තම් කාසි(සිදුරු)ඇති කොටස දෙපස මැසීම නොකල යුතුය
- කලිසමේ ඉදිරිපස බොත්තම් නොයොදා සැකසිය යුතුය.
- ඉදිරිපස සාක්කු හරස් කැපුමෙන් මසා තිබිය යුතුය..
- ඉදිරිපස ,දෙපස ඔපනැලි (ප්ලීට්)02 බැගින් තිබිය යුතුය.
- කලිසමේ වාටිය අගල් 15 වන පරිදි දණහිස මතට වැටෙන පරිදි තිබිය යුතුය.
- ඉන පටිය ගංචු රහිත විය යුතුය.
- විනිවිද පෙනෙන බොත්තම් සවි කල යුතුය.
- කමිසයේ ඉදිරිපස සාක්කුවෙ පාසල් නිල ලාංජනය මසා සවි කල යුතුය.
- කණ අසල කොටු හැඩයට කණ මැදට වන සෙ කපා තිබිය යුතුය.
- කොණ්ඩය කොටට කපා තෙල් දමා පැත්තට පීරීම කල යුතුය.
- කලිසමේ පිටුපස එක් සාක්කුවක් පමණක් විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


ගැහැණු ළමුන් (6-13)
- කර හිර වන සේ කොලරය තිබිය යුතුය.
- අත උරහිසේ සිට අගල් 7ක් වත් දිග (වැලමිටෙ සිට අගල් 5ක් ඉහලට) වන සේ තිබිය යුතුය.
- ගවුමේ ඉණ වැලමිට මට්ටමේ තිබිය යුතුය.
- දණ හිස වැසෙන සේ ගවුම දිග විය යුතුය.එනම් බිම දණ ගැසූ විට ගවුම බිම ගෑවිය යුතුය.
- ඉණ පටිය අගල1 3/4(එකයි තුන් කාලක්) පළල විය යුතුය.
- අගල් 1 1/2 (එක හාමාරක්) පමණ රැලි මසා තිබිය යුතුය.
- ගවුමේ වාටිය අගල් 2(දෙකක්) පමණ පලල විය යුතුය








