
වර්ෂ 1907 දී බුක්කිරිය ගොල්ල රජමහා විහාරය කෙන්ද්‍ර කරගනිමින් කුඩා පොල් අතු පැළක සිසුන් හත්දෙනෙකුගෙන් ආරම්භ කෙරෙන මහානාම විදුහල 1925 සිට විහාරමුල්ල පාරේ ටී.මාර්ටින් කෝරාළ මහතාට අයත් ඉඩමේ විලී ආරියපාල මහතාගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගොස් ඇත.දැනට මහානාම කණිෂ්ඨ විද්‍යාලය පවතින ස්ථානයට මෙම විදුපියස ගෙන ගොස් ඇත්තේ 1935 වර්ෂයේදීය.මහානාම විදුහල එම වර්ෂයේම රජයේ මිශ්‍ර පාසලක් බවට පත්විය.ඉන් පසුව පහ වසර සමත් වූ දරුවන්ට ඉන් ඉහල අධ්‍යාපනයක් ලබන්නට පාසලක් නොමැති හෙයින් 1960 වර්ෂයේදී මහා විද්‍යාලයක් බවට උසස් කෙරිණි.අනතුරුව 1960 වර්ෂයේ මහානාම මහා විද්‍යාලය වර්තමානයේ පවතින ස්ථානයට ගෙනවිත් ස්ථානගත කලේය.මෙය දීප්තිමත් ගමනක සමාරම්භය සනිටුහන් කරන්නක් විය.1981 දී මධ්‍ය මහා විද්‍යාලයක් බවටත් 1993 දී ජාතික පාසලක් බවටත් උසස් කෙරුණි.
|
ආරම්භ කළ වර්ෂය |
1960 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
04 |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මහානාම මධ්‍යම මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
විලී ආරියපාල |
|
ජාතික පාසලක් වු දිනය |
1993-10-20 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
බුක්කිරිගොල්ල රාජ මහ විහාරය |






