- උදෑසන 7.15 ට පෙර පාසලට පැමිණිය යුතුය
- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම උදෑසන ආගමික වතාවත් සඳහා සහභාගී විය යුතුය.
- නියමිත නිළ ඇදුමින් සැරසී පාසලට පැමිණිය යුතුය.
- ගැහැණු දරුවන් ගවුම දණහිස වැසෙන සේ හා පටිය තමාගේ වැලමිට ප්‍රමාණයට විය යුතුය.
- ගැහැණු දරුවන් ගවුම දණහිස වැසෙන සේ හා පටිය තමාගේ වැලමිට ප්‍රමාණයට විය යුතුය.
- පිරිමි ශිෂ්‍යයන් කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
- ගැහැණු දරුවන් තොල් ආලේපන , හිස ආලේපන නොගැල්විය යුතුය. ඇස් බැමි සැකසීම ,කොණ්ඩා වර්ණවත් කිරීම නොකල යුතුයි.
- උදෑසන 7.30 ට පෙර පන්ති හා පන්ති අවට පිරිසිදු කිරීම් අවසන් කල යුතුය. පාසල් භූමිය පිරිසිදුව තබා ගත යුතුය.පොලිතීන් ආදී ද්‍රව්‍ය රැගෙන නොආ යුතුය.
- පාසල තුළ පන්ති අතර ගමන් කිරීමේදී පේළියට ගමන් කළ යුතුය.
- පාසල නිමවී බැහැර වනවිට පේළිවලට ගමන් කළ යුතුවේ.
- පාසලට පැමිණි පසු අවසරයකින් තොරව පාසලින් බැහැර නොවිය යුතුය .
- සවස පන්ති හෝ වෙනත් දිනවල අමතර පන්ති පැවැත්වුව ද පාසල් නිල ඇඳුමෙන් පැමිණිය යුතුය
- පාසල තුළට අනවසර ලෙස කැසට්පට, CD ආදිය නොගෙනා යුතුය.
- පාසල තුළට ජංගම දුරකථන ගෙන ඒම සපුරා තහනම් වේ.
- පාසල් ආපනශාලාව භාවිතා කළ හැක්කේ උදේ 7.30ට පෙර සහ විවේක කාලයේදී පමණි. මේ හැර අන් වේලාවන් තුළ පාසල් ආපනශාලාවේ රැදී සිටීම නොකළ යුතුය.
- පාසල තුළ නිකරුණේ සැරිසැරීම නොකළ යුතුය. අවශ්‍යවිටදී අවසර පත්‍රය අතැතිව දෙදෙනෙකුට පමණක් පන්තියෙන් බැහැර විය හැකිය.
- දිනපතාම “සිසු සටහන් පොත” පාසලට රැගෙන ආ යුතුය. එය නිසි පරිදි පවත්වාගෙන යා යුතුය.






